Breaking News:

latest

වැඩිය හොඳ ඩුවල් කෝ(ර්) ද? (DualCore) කො(ර්) ටු ඩු(වෝ)ද (Core2Duo)

බොහෝ පුද්ගලයන්ට පරිගණකයක් මිලදී ගැනීමේදී හෝ යාවත්කාලනය (වැඩි දියුණ කිරීමේදි/ upgrade කිරීමේදි) කිරීමේදී ඩුවල් කෝ(ර්) (DualCore) ප්‍රොසෙසරයක්...

බොහෝ පුද්ගලයන්ට පරිගණකයක් මිලදී ගැනීමේදී හෝ යාවත්කාලනය (වැඩි දියුණ කිරීමේදි/ upgrade කිරීමේදි) කිරීමේදී ඩුවල් කෝ(ර්) (DualCore) ප්‍රොසෙසරයක් සහිත පරිගණකයක් හා කො(ර්) ටු ඩු(වෝ) (Core2Duo) ප්‍රොසෙසරයක් සහිත පරිගණකයක් අතර වෙනස අපැහැදිලිව අපහසුතාවයට පත්වේ.
පරිගණක අලෙවි නියෝජිතයන් Dual Core පරිගණකයක් ගැන කීවද සත්තකින්ම Dual Core නමින් හඳුන්වන ප්‍රොසෙසරයක් හො පරිගණකයක් Intel සමාගම හඳුන්වා දී නොමැත. Dual Core යනු Intel සමාගම ‍එකම ප්‍රොසෙසරයක (Processor) මධ්‍යද සැකසුම් ඒකක දෙකක් (2 CPU-Central Processor Unit) භාවිතා කරන තාක්ෂණය සඳහා භාවිතා කරන තාක්ෂණික නාමය වේ. එනම් ‍එකම පරිගණකයක Processor දෙකක හැකියාව යොදා ගැනීමයි. මේ අනුව Core2Duo ද අයත් වන්නේද Dual Core තාක්ෂණයටයි. තවත් මෙම තාක්ෂණය යොදා ගන්න Processor සඳහා උදාහරන ලෙස Core-Duo, Pentium Dual-Core , Celeron Dual-Core , Pentium-D and Athlon X2 ගත හැක.

එබැවින් ඔබ පරිගණකයක් මිලදී ගන්නා විට හෝ upgrade කිරීමට ‍ප්‍රොසේසරයක් තෝරා ගැනීමේදී Core2Duo ප්‍රොසෙසරය Core-Duo , Pentium Dual-Core , Celeron Dual-Core , Pentium D හෝ Athlon X2 ප්‍රොසෙසර් සමග සංසන්දනය කර බලන්න. එම සෑම ප්‍රොසෙසරයකම කෙටි විස්තරයක් පහත දී ඇත. සෑම විටම ඔබ මිලදී ගන්නා පරිගණකයේ අඩංගු ප්‍රොසෙසරයේ වේගය (GHz) වලින් දී ඇත , L2 Cache ධාරිතාව , Front Side Bus හා මිල සංසන්දනය කරන්න. මේවා සලකා බැලීමෙන් ඔබට වඩා හොඳ Core2Duo ප්‍රොසෙසරය බවත් Pentium Dual-Core වඩා Celeron Dual-Core පහතින් ඇති බවත් වටහා ගත හැක.
  Core-Duo
 CoreDuo ප්‍රොසෙසරය Intel සමාගම‍ ලැප්ටොප් වැනි මොබයිල් පරිගණක සඳහා dual-core තාක්ෂණය සහිතව සකස් කළ පළමු ප්‍රොසෙසරය වේ. විදුලි බලශක්ති භාවිතය අවම කළ dual-core තාක්ෂණය උපරිම ලෙස යොදා ගන්නා අයුරින් නිර්මාණය කර ඇත. L2 cache-2MBළ Front Side Bus-667MHz

 

 Pentium Dual-Core
එකම සංඛ්‍යාතයක ක්‍රියාකරන හර (core) ප්‍රොසෙසර් දෙකක කාර්යක්ෂමතාව එක් භෞතික ප්‍රොසෙසරයක අඩංගු කර ඇත. එනම් Dual-Core තාක්ෂණය භාවිතා වේ. L2 cache-1MB, Front Side Bus-800MHz
  Celeron Dual-Core
 එකම සංඛ්‍යාතයක ක්‍රියාකරන හර (core) ප්‍රොසෙසර් දෙකක කාර්යක්ෂමතාව එක් භෞතික ප්‍රොසෙසරයක අඩංගු කර ඇත. එනම් Dual-Core තාක්ෂණය භාවිතා වේ.අවම බලශක්තියක් භාවිතයෙන් ක්‍රියාත්මක වන අතර සාපේක්ෂව අනෙක් Dual-Core ප්‍රොසෙසර් වලට වඩා හැකියාව හා මිල අඩුය. L2 cache-512KB, Front Side Bus-800MHz
  Pentium D
 එකම සංඛ්‍යාතයක ක්‍රියාකරන හර (core) ප්‍රොසෙසර් දෙකක කාර්යක්ෂමතාව එක් භෞතික ප්‍රොසෙසරයක අඩංගු කර ඇත. එනම් Dual-Core තාක්ෂණය භාවිතා වේ. L2 cache-1MB,Front Side Bus-800MHz
  Core2Duo
  එකම සංඛ්‍යාතයක ක්‍රියාකරන හර (core) ප්‍රොසෙසර් දෙකක කාර්යක්ෂමතාව එක් භෞතික ප්‍රොසෙසරයක අඩංගු කර ඇත. එනම් Dual-Core තාක්ෂණය භාවිතා වේ. Dual-Core තාක්ෂණය භාවිතාකරන හොඳම ප්‍රොසෙසරය වේ. අනෙකුත් Dual-Core ප්‍රොසෙසර් වලට වඩා හැකියාව ඉහල අතර සාපේක්ෂව මිල අධික වේ. L2 cache-4MB,Front Side Bus-1333MHz

10 comments

Anonymous said...

ස්තූතියි!

Unknown said...

මල්ලි.. ලිපිය සම්පූර්ණ වෙන්න core i-3, i-5, i-7, i-7 extreme editions ගැනත් දාන්න, නැත්නං වෙන පෝස්ට් එකක් හරි.. හොඳ වැඩක්. ජයවේවා...

Anonymous said...

Pentium සදහා D L2 cache 1MB සිට 4MB ද භාවිතා උනා, මම භාවිතා කරන පරිඝනකයේ 2MB cash momory ඇත. පොස්ට් 1ක ගොඩක් හොදයි!!

Dilshan Wijesooriya said...

එල බොහොම ස්තුතියි

ගීත් (සහෘදයා) said...

core i-3, i-5, i-7, i-7

kiyana pro wala wenasa mokadda?

Hashan Gayasri said...

ela niyameta blog eka karanawa


hebei issella dual core kiyala ekak aawa ee unata ee 'Core' series eke ekak nemei.. Prescott >>Pentium 4 Ceder Mill>> ekata passe releas kale Pentium D -DualCore kiyala hebei eeka ikmanata ma Pentium Desktop kiyala rename karala passe Pentium series eka ma Core series eken replace kala.. pentium 4 > Core Solo walinui Pentium D >> Duo walinui..hebei Duo and D wala technology tikak wenas itin Core 2 wada hondai :D

Bhagya Sanuka said...

Celeron Dual-Core හි L2 cache-512MB යන්න 512KB යන ලෙසින් වෙනස් විය යුතුයි නේද ? :)

Dilshan Wijesooriya said...

බොහොම ස්තුතියි වැරැද්ද පෙන්නුවට?

බුද්ධික said...

Long time ago my friend had a 3.6Ghz Pentium D processor,when others use Pentium 4,It was fast like hell and get heated tooo :D

Yasantha said...

ස්තුතී මල්ලී