ෆින් ලන්ත ලෝකප්‍රකට දුරකථන නිෂ්පාදන සමාගමක් වන නොකිආ සමගාමේ දුරකථන අලෙවිය අභිබවා යාමට කොරියානු දුරකථන නිෂ්පාදන සමාගමක් වන සැම්සුන්ග් ස...

මෙලෙස නොකියා සමාගමේ දුරකථන අලෙවිය වෙනත් සමාගමකට දෙවෙනි වී ඇත්තේ ප්‍රථම වතාවටයි.
අලෙවි වාර්තා හෙළිකරන පරිදි මෙම වසරේ ජනවාරි මස සිට මාර්තු දක්වා වූ ප්‍රථම කාර්තුවේදී සම්සුන්ග් දුරකථන එකක මිලියන 88 ක් අලෙවි වී ඇති අතර නොකියා දුරකථන අලෙවි වී ඇත්තේ එකක මිලියන 83 ක් පමණි.
සමාර්ට්ෆෝන් වෙළඳපොල තුල නොකියා සමගාම යම් පසුබෑමකට ලක්වෙමින් සිටින බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ වසර 14 ක් ඔස්සේ පවත්වාගෙන ආ තත්වය නොකියා සමාගමට අහිමි වීම ඔවුන්ට දරුණු පහරක් විය හැකි බවයි.
1988 දී මොටෝරෝල සමාගම අභිබවා යමින් නිඔකියා සමාගම දුරකථන නිෂ්පාදකයන්ගේ මුල් තැනට පත්විය.
ඇන්ඩ්‍රෝයිඩ් මෙහෙයුම් පද්ධතියත් සමගින් පැමිණෙන සැම්සුන්ග් ස්මාර්ට් දුරකථන හොඳ තරඟයක් ලබාදීමට හැකි දුරකතනයක් නිපදවීමට නොකියා සමාගම අසමත්වී ඇති බවද වෙළඳපොල විචාරකයන් පවසයි.
2 comments
නොකියා බඩු මරු...
ආයිත් Noකැඩිලි....ඒත් ගනන්...පොඩ්ඩක්..
samsung බඩු පොඩ්ඩක් කොලිටි මදි...Android එක්ක එන නිසා ගානත් අඩුයි...
ලස්සනයි...
ඉතින් මිනිස්සුන්ට ඕනේ මේවනේ....
ඒකයි samsung ඉදිරියෙන්....
samsung nokia wageda i phone sonnyericcson
Post a Comment