Breaking News:

latest

මයික්‍රොසොෆ්ට් සහ මීඩියා සෙන්ටර් ශ්‍රේෂ්ඨාධිකරණ නඩුව දෙපාර්ෂවයේ එකඟත්වයෙන් සමථයට පත්වෙයි

මයික්‍රොසොෆ්ට් සහ මීඩියා සෙන්ටර් ශ්‍රේෂ්ඨාධිකරණ නඩුව දෙපාර්ෂවයේ එකඟත්වයෙන් සමථයට පත් වී ඇත. පරිගණක උපාංග ව්‍යාපාරිකයින් වන මීඩියා සෙන්ටර් ...

http://arabcrunch.com/wp-content/uploads/2009/12/ms-antitrust.jpgමයික්‍රොසොෆ්ට් සහ මීඩියා සෙන්ටර් ශ්‍රේෂ්ඨාධිකරණ නඩුව දෙපාර්ෂවයේ එකඟත්වයෙන් සමථයට පත් වී ඇත.

පරිගණක උපාංග ව්‍යාපාරිකයින් වන මීඩියා සෙන්ටර් ආයතනය විසින් මින් ඉදිරියට මයික්‍රොසොෆ්ට් ආයතනය අපකීර්තියට පත්වන පරිදි ව්‍යාජ හා අවසර නොලත් මෘදුකාංග අඩංගු පරිගණක අලෙවි කිරීම හා බෙදාහැරීම් කටයුතු සිදු නොකරන බවට සහතික වීමෙන් පසු මෙම නඩුව සමථයකට පත්විය.

මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් මීඩියා සෙන්ටර් ආයතනයට (වර්තමානයේ Shad´s Digital) විරුද්ධව වානිජ මහාධිකරණයට මෙම නඩුව ගොනුකරනු ලැබුවේ 2010 දෙසැම්බර් මාසයේදීය.

බම්බලපිටිය, යුනිටි ප්ලාසා පළමු මහලේ, අංක 315 දරණ ස්ථානයේ පිහිටි මීඩියා සෙන්ටර් ආයතනය මයික්‍රොසොෆ්ටි ආයතනය හිමිකමි දරණ Windows XP මෘදුකාංගයට අදාළ බුද්ධිමය දේපළ හිමිකම් උල්ලංඝණය කරමින් නව පරිගණක තුළ ඇතුළත් කර පාරිභෝගිකයින්ට අලෙවි කර ඇත. මෙම කිසිදු පරිගණකයක් සඳහා සහතිකයක් හෝ නීතියානුකූල පිළිගත හැකි වගකීමක් නොවු අතර පරිගණක අලෙවියේදී ලබාදෙන DVD තැටියේ මුල් පිටපතක් හෝ අත්පොත ලබාදීමටද කටයුතු කර නොතිබිණි.

ව්‍යාජ මෘදුකාංග පාරිභෝගිකයින් වෙතට යාමේ අවදානම හා නීතියානුකූල ව්‍යාපාර මෙම නඩුව පිළිබඳ සිය අදහස් දක්වමින් මයික්‍රොසොෆ්ට් ආයතනයේ නීතිඥ ජොනතන් සෙල්වසේගරම් මහතා මෙසේ පවසයි.

“ අපි මේ නඩුව ගොනුකළේ ගැටලුව නිරාකරණය කිරීමට ගත් සියලු සාකච්ඡා බිඳවැටීමෙන් පසුවයි. මෙවැනි සෑම සිදුවීමක්ම ආරම්භ වන්නේ නව පරිගණක මිලදීගත් පාරිභෝගිකයින් ගෙන එන විවිධ චෝදනා මතයි. එම චෝදනා බොහෝමයකට හේතුව වන්නේ එම පරිගණකවල ඇතුළත් සේවාවන් සපයාගැනීමේ අසමත් බව මෙන්ම පරිගණක තුළට විවිධ වෛරස් ඇතුළ්වීම ආදී හේතු මුල්කරගෙනයි. මේ අතර අපගේ අනෙකුත් ව්‍යාපාරික භවතුන්ගෙන්ද චෝදනා රැසක් එල්ල වුනේ අසාධාරණ මිල ගණන් යටතේ පවත්වාගෙන යන ව්‍යාජ මෘදුකාංග අඩංගු පරිගණක අලෙවි කරන කූට ව්‍යාපාරිකයින්ට එරෙහිවයි. අපගේ නීතිඥ උපදෙස් අනුව අපි සෑම විටම උත්සාහයක්ම දරන්නේ දැනුවත් කිරීම් මගින් තවදුරටත් සමථයකට පත්කර ගැනීමටයි. බොහෝ ව්‍යාපාරික භවතුන් මේ වන විටත් අප සමග ඉතා සහයෝගයෙන් කටයුතු කරනවා.”

“මයික්‍රොසොෆ්ට් හි භූමිකාවට අනුව අපිට අවශ්‍යය වන්නේ පාරිභෝගිකයන්ගේ සුරක්ෂිතතාව මෙන්ම අවංක අලෙවිකරුවන් අතර සාධාරණ තරගකාරී වටපිටාවක් සහතික කිරීමයි. අපිට නව පරිගණක සඳහා ව්‍යාජ මෘදුකාංග ඇතුළත් කිරීමේ අවදානමෙන් පාරිභෝගිකයා ආරක්ෂා කළ යුතුවුණා වගේම එවැනි කටයුතු සඳහා යොමුවන අළෙවිකරුවන් සඳහා නීතිමය ක‍්‍රියාමාර්ගයක් ගතයුතු වුණා. මෙවැනි අලෙවිකරුවන්ගේ ව්‍යාජ මෘදුකාංග පාරිභෝගිකයා අතට පත්වීමෙන් අවදානම් සහගත සිද්ධින් රැසක් හටගන්නවා. එනම් ව්‍යාජ මෘදුකාංග භාවිතාව තුළින් ඔබගේ පරිගණකයට වෛරසයක් ඇතුළුවීම තුළින් පරිගණකයේ ඇති වටිනා දත්ත, ඡායාරූප, ලිපිගොනු, ව්‍යාපාර ඉදිරිපත්කිරීම් (Presentation) විනාශවී යාම හෝ පරිගණකය මුළුමනින්ම අක‍්‍රියවී යාම වැනි බරපතල තත්ත්ව උදාවිය හැකියි”

ව්‍යාජ හා අනවසර මෘදුකාංග ආනයනයන්ට ගොදුරුව ඇදවැටෙමින් පවතින ලැප්ටොප් පරිගණක වෙළඳපොළ මයික්‍රොසොෆ්ට් ආයතනයේ විමර්ශනයන්ට අනුව පසුගිය වසර 2 ඇතුළත සුප‍්‍රසිද්ධ සන්නාමයන්ගෙත් යුත් ලැප්ටොප් පරිගණක වෙළඳපොළද මෙම උවදුර නිසා දැඩි පසුබෑමකට ලක්ව සිටින බව අනාවරණයවී ඇත.

පාරිභෝගිකයින් උසස් තත්ත්වයේ සන්නම් කරායාමට පෙළඹෙන්නේ ඒ කෙරේ ඇති විශ්වාසය මෙන්ම ආරක්ෂාවත් උදෙසායි. නමුත් කිසිදු ප‍්‍රතිපත්තියක් නොමැති වෙළදුන් විසින් ව්‍යාජ ආකාරයෙන් ඇතුළත් කරන පරිගණක මෘදුකාංග නිසා උසස් සන්නාම පරිගණක සදඟා ඇති විශ්වාසයද පළුදු වන තත්ත්වයක් උද්ගත වී තිබේ.

තවදුරටත් ශ‍්‍රී ලංකාව මෙම තත්ත්වයට නැඹුරුවෙමින් සිටින්නේ ලැප්ටොප් පරිගණක මෙන්ම මෘදුකාංග පද්ධති විවිධ රටවල්වලින් නීතියානුකූල නොවන අයුරින් ආනයනය කිරීම හේතුවෙනි. මේවා බෙදාහරින්නන් විසින් ව්‍යාජනුකරණ/ ව්‍යාජ මෘදුකාංග අනෙකුත් ඒවාට සමාන්තර අයුරින් කළු කඩ වෙළඳපොළ හරහා ආනයනය කරයි.

මෙම අවදානම් සහිත නිෂ්පාදනයන්ගේ ප‍්‍රභවය විදේශ රටවල් වුවද මේවා වටිනාකමක් නොමැති, බොරු ප‍්‍රකාශන ඇතුළත් කර අඩු මිලට ගෙනඑන ඒවාය.

රේගු ආඥා පනතේ 52 වන වගන්තියේ සඳහන් පරිදි අගයෙන් අඩු (නොවටිනා) භාණ්ඩ ගෙනඒම අපරාධයක් සේ සළකන අතර එවැනි භාණ්ඩ රේගුවට සින්න කරගැනීමේ බලය පවතී.

“නව පරිගණකයක් මිලදී ගන්නා සැමවිටම පරිගණකය හා එහි මෘදුකාංග පද්ධතීන් මෙරටට නීතියානුකූල නොවන අයුරින් ආනයනය කරන ලද කළු කඩ වෙළඳ භාණ්ඩද යන වග සැළකිලිමත් විය යුතුයි.

එබැවින් ඔබ මිලදී ගැනීමක් කරන විට හරිදේ සිතා බලා අව්‍යාජ මෘදුකාංගයක් ඉල්ලා සිටියදීත් එවැනිම ඉහළ මිලක් ගෙවා කළුකඩ වෙළඳපොළේ ඇති අනවසරයෙන් මෙරටට ගෙන්වූ බාල භාණ්ඩයක් මිලට ගෙන අනවශ්‍ය අවදානමක් ගන්නේ ඇයි?”යනුවෙන් නීතිඥ සෙල්වසේගරම් මහතා විමසයි.

ශ‍්‍රී ලංකාව තුළ මේ වන විට අවම වශයෙන් දේශීය දෘඩාංග අලෙවිකරුවන් 150 ට අධිකව සිටින අතර ඔවුන්ගේ ප‍්‍රධානතම ව්‍යාපාරයන් වන්නේ මෙහෙයුම් පද්ධති ප‍්‍රතිස්ථාපිත පරිගණක හා ලැප්ටොල් අලෙවියයි.

මෙහි නියැලී සිටින්නන් යැපෙන්නේ නියමිත තත්ත්වයෙන්, නීතියානුකූල මෘදුකාංග අලෙවිය තුළින් ලැබෙන ආදායම් මතය. ඔවුන් මේ ආශ්‍රිතව ඇති නීති රෙගුලාසීන් කෙරේ දැඩි අවධානයකින් පසුවෙන අතර ව්‍යාජානුකරණය/ව්‍යාජ මෘදුකාංග හා නීතියානුකූල නොවන මෘදුකාංග හරහා ඇතිවන අනිසි බලපෑම් තුළින් තම ව්‍යාපාර ආරක්ෂා කිරීම පිළිබඳ සැළකිලිමත් වේ.

මොවුන් මෙම ක්ෂේත‍්‍රයට ක‍්‍රියාකාරී සේවයක් ඉටුකරන අතර නියම තත්ත්වය රැකගෙන යාමෙන් මෙම ක්ෂේත‍්‍රය දියුණු මට්ටමකට ගෙනයා හැකි බව විශ්වාස කරන අතර පාරිභෝගිකයින්ට යහපත් දේ පිරිනැමීම් ලාභදායී ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට වැදගත් වන බවද විශ්වාස කරයි.

අලෙවිකරුවන්ගේ හා දේශීය සමාගම්හි සාර්ථකත්වය උදෙසා බුද්ධිමය දේපළ ආරක්ෂා කිරීම වැදගත් කරුණක් වී තිබේ.

“මෙම ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය පිළිබදව සාවධානව සළකා බලද්දී ශ‍්‍රී ලංකාවේ බුද්ධිමය දේපළ පනත (IPR) ආරක්ෂා කෙරුණු මෙන්ම එහි ගෞරවය තව තවත් ස්ථාපනයට ඉවහල් වන බව තහවුරු වෙනවා. මෙය ලංකාවේ නව මෘදුකාංග නිපැයුම් කරුවන්, දේශීය බුද්ධිමය දේපළ හිමිකම් දරන්නන්ගේ මෙන්ම අවංක පරිගණක වෙළදුන්ගේ හා සියලුම සේවාදායකයින්ගේ ජයග‍්‍රහණයක් බව පැවසිය යුතුයි.” යැයි සෙල්වසේගරම් මහතා වැඩි දුරටත් පැවසීය.

No comments