Breaking News:

latest

ශ්‍රී ලංකා ටෙලිකොම්හි නිල නොවන බ්ලැක් ලිස්ට් සෙල්ලම

ශ්‍රී ලංකා ටෙලිකොම් විසින් සපයන සීමාරහිත අන්තර්ජාල සේවාවන්හි අන්තර්ජාලය වේගය බාල වීම හේතුවෙන් බොහෝ දෙනා අපහසුතාවයට පත්වී ඇති බව වාර්තා...

ශ්‍රී ලංකා ටෙලිකොම් විසින් සපයන සීමාරහිත අන්තර්ජාල සේවාවන්හි අන්තර්ජාලය වේගය බාල වීම හේතුවෙන් බොහෝ දෙනා අපහසුතාවයට පත්වී ඇති බව වාර්තා වනවා.

මෙම පැරණි පැකේජ හිමියන් වන සීමාරහිත අන්තර්ජාල භාවිතා කරන්නන් ටෙලිකොම් විසින් හිතු මතේ වෙනත් පැකේජයන්ට මාරුකොට ඇති අතර තවත් ග්‍රාහකයන් තමාගේ අන්තර්ජාලයේ වේගය අඩු බව පැවසු විට අලුත් පැකේජයන්ට මාරුවන ලෙස දන්වා ඇත.

මේ පිළිබඳව අප දිගින් දිගටම පසුගිය කාලයේ ලිපි පල කල අතර බොහෝ දෙනෙකු අප වෙත පැමිණිලි කර සිටියේ ඔවුන්ගේ අන්තර්ජාලයේ වේගය දැන් ඉතාම මන්දගාමී වී ඇති බවයී.

මේ පිළිබඳව අප ශ්‍රී ලංකා ටෙලිකොම් වෙතින් කරුණු විමසු අතර ඔවුන් අප වෙත දන්වා සිටියේ පැරණි සීමාරහිත අන්තර්ජාල ග්‍රාහකයන්ගේ අන්තර්ජාල පරිහරණය මාස තුනක කාලයක් තිස්සේ ඔවුන් විසින් පරික්ෂාවට ලක්කරන බවයි.


එසේ පරික්ෂා කිරීමේදී ඔවුන්ගේ අන්තර්ජාල පරිහරණය අසාමාන්‍යය ලෙස වැඩිනම් ඔවුන් විසින් එම ග්‍රාහකයා වෙනම "සර්වර් ලිස්ට්" එකක වෙත යොමු කෙරෙන අතර ඉන්පසු ඔහුගේ අන්තර්ජාලයේ වේගය මන්දගාමී වීම සිදු වේ.

මෙසේ සිදු කල පසු ඒ පිලිබදව ග්‍රාහකයා අයත්වන ප්‍රාදේශීය ටෙලිකොම් කාර්යාලයේ කළමනාකරු වෙත දන්වන අතර එම ග්‍රාහකයාට නැවත පැරණි වේගයම ලබාගැනීමට අවශ්‍යයනම් එම කළමනාකරු හමුවී නැවත අනවශ්‍යය ලෙස භාගත සිදුකිරීම් සිදු නොකරන බව සහතික වී ලියුමක් ලබාදීමෙන් "සර්වර් ලිස්ට්" තුලින් ඉවත්විය හැක.

ඔවුන් වැඩිදුරටත් අප වෙත දන්වා සිටියේ මෙය සාධාරණ භාවිත ප්‍රතිපත්තිය නොවන බවත් සාධාරණ භාවිත ප්‍රතිපත්තියේදී සිදුවන්නේ මාසිකව යම් අගයකට සිමාකිරිම පමණක් බවත්ය.

ටෙලිකොම් අන්තර්ජාල සබඳතා කෙරෙහි එහි පාරිභෝගිකයන්ගේ අප්‍රසාදය කෙතරම්ද යත් ඔවුන් එයට එරෙහිව අන්තර්ජාල පෙත්සමක් පවා ආරම්භකොට ඇත.එම පෙත්සමට අත්සන් කරන්න පහතින් 


උපුටා ගැනීම Gossip9

No comments