Breaking News:

latest

Torrent වලින් Movies ගන්න අයගේ දැන ගැනීම පිණිසයි !!

Torrent තාක්ශනය කියන්නේ ඉතාම කෙටි කාලයක් තුල අති වීශාල ලෙස ලෝකයේ ව්‍යාප්ත වූ තාක්ශනයක්.දැනට ලෝකයේ Files හුවමාරැ කිරීම සදහා තියෙන හොදම ස...




Torrent තාක්ශනය කියන්නේ ඉතාම කෙටි කාලයක් තුල අති වීශාල ලෙස ලෝකයේ ව්‍යාප්ත වූ තාක්ශනයක්.දැනට ලෝකයේ Files හුවමාරැ කිරීම සදහා තියෙන හොදම සහ පහසුම තාක්ශනයක් ලෙසද Torrent සලකනවා.

මෙ අතරිනුත් Movie Torrent සදහා  හිමි වන්නේ ඉහල ස්ථානයක්.අලුතින්ම Release කරන Movie එකක් උනත් දින කිහිපයකදී විටක පැය කිහිපයකදී වූවද Torrent හරහා Download කර ගැනීමෙී හැකියාව තිබෙනවා.නමුත් මෙ Movie Torrent එක එක Size වලින් සහ Quality වලින් යුක්ත වෙනවා.මෙහිදි අපි සැලකිල්ල යොමු කල යුතු වන්නේ Movie Torrent එකේ දක්වා අැති Title එක පිලිබදවයි.එහි දැක්වෙන DVDrip , BRrip , CAM ගැන අප වීශේෂ අවධානයක් යොමු කල යුතු වනවා.

CAM : අදාල Movie එක සිනමාහලක තිරගත වන වෙලාවකදී Camera එකක් ආදාරයෙන් පිටපත් කර ගන්න ලද Copy එකක්.Camera එකට ඉදිරියෙන් මිනිසුන් ඈවිද යන දසුන්,සිනාසෙන,කථා කරන හඩ පටිගත වී තිබෙන්නට පුලුවන්.
Video Quality : ඉතාම පහල තත්වයකින් යුක්තයි.
Audio Quality : ඉතාම පහල තත්වයකින් යුක්තයි.
Size : 300MB - 2GB

DVDrip : අදාල Movie එකේ ඉහලම තත්වයේ DVD වලින් ලබා ගන්නා ලද පිටපතක්.
Video Quality : ඉහල තත්වයකින් යුක්තයි.
Audio Quality : ඉහල තත්වයකින් යුක්තයි.
Size : 700MB - 1.60GB 
 
BRrip/ Brip :  අදාල Movie එකේ ඉහලම තත්වයේ Blue-Ray Disk වලින් ලබා ගන්නා ලද පිටපතක්.
Video Quality : ඉතාම ඉහල තත්වයකින් යුක්තයි.
Audio Quality : ඉතාම  ඉහල තත්වයකින් යුක්තයි.
Size : 700MB - 1.60GB 
 
R5 : Movie Industry තුලදී R5 ලෙස හැදීන්වෙන්නේ ඉන්දියාව,අප්‍රිකාව වැනි රටවල්.එහිදී Original Movie එක Telecine ( ලංකාවෙද භාවිතා කරන්නේ මෙම ක්‍රමයයි,මෙහිදි Projector එකක් මගින් Screen එකක් මතට ඡායාරැප එල්ල කිරීම සිදු කරනු ලබයි. ) යන්ත්‍රයට ගැලපෙන සේ Rip කිරිම සිදු කරයි.
Video Quality : සමහර ස්ථන වලිදී අඩුපාඩු වලින් යුක්තයි.
Audio Quality : සාමාන්‍ය තත්වයකින් යුක්තයි.
Size : 600MB - 5GB

HDTV :  අදාල Movie එක රැපවාහිනියේ විකාශය වන විට Capture කරගත් පිටපතක්.
Video Quality : පටිගත කරගන්නා Source එක හා ක්‍රමය අනුව වෙනස් වේ.
Audio Quality : පටිගත කරගන්නා Source එක හා ක්‍රමය අනුව වෙනස් වේ.
Size : පටිගත කරගන්නා Source එක හා ක්‍රමය අනුව වෙනස් වේ.

WebRip : අදාල Movie එක Youtube වැනි Video Streaming වෙබි අඩවියකින් Capture කරගත් පිටපතක්.
Video Quality : ඉහල තත්වයකින් යුක්තයි (බොහෝවිට DVDrip එකකට සමානය).
Audio Quality : ඉහල තත්වයකින් යුක්තයි.
Size : 100MB - 1GB

No comments