Breaking News:

latest

මිනිස් කනකින් පළමු වරට මයිටාවන් හමු වෙයි!

ප්‍රථම වතාවට ගෘහ දුවිලි මයිටාවෝ මිනිස් කනක් තුළ සිට හමු වී තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය  පවසන්නේ ගෘහ දූවිලි මයිටාවන්  ලෙස හඳුන්වනු ලබන මෙම ...


ප්‍රථම වතාවට ගෘහ දුවිලි මයිටාවෝ මිනිස් කනක් තුළ සිට හමු වී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය  පවසන්නේ ගෘහ දූවිලි මයිටාවන්  ලෙස හඳුන්වනු ලබන මෙම මයිටාවන්  වියළි පරිසරයක් තුළ  දූවිලි සමඟ බහුලව දක්නට ලැබෙන ක්ෂද්‍ර ජීවි විශේෂයක්  බවයි.

පසුගිය දා කළුතර නාගොඩ මහරෝහලට පැමිණි පුද්ගලයකුගේ කන පරික්ෂා කිරීමේදී එහි සිට එම මයිටාවන් හමු වී තිබේ.

අමාත්‍යාංශය පවසන්නේ මෙම ගෘහ දුවිලි මයිටාවන් මගින් රෝග බෝවීමට ඉඩකඩක් නොමැති වුවත් එම ක්ෂද්‍ර ජිවි විශේෂය බැහැර කරන අපද්‍රව්‍ය මගින් ඇතැම් අවස්ථාවලදී ඇදුම වැනි රෝගී තත්ත්වයන් ඇතිවිය හැකි බවයි.

විශේෂයෙන් දුවිලි සහිත අපිරිසිදු පරිසරයක් තුළ එම මයිටාවන් ජිවත්වන බැවින් ශාරීරික අපිරිසිදුකම හේතුවෙන් එම ජීවින් වර්ධනය විය හැකියි.

මීට පෙර ජංගම දුරකථනයක සිට මෙවැනි මයිටාවන් සිය ගණනක් හමු විය.

කෙසේ වෙතත් මෙම තැනැත්තාගේ කනට ජංගම දුරකථනයක් මගින් මෙම ජීවියා ඇතුළු වු බවට තහවුරු වී නොමැති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

No comments