Breaking News:

latest

ෆ්ලේම් ගැන තවත් හෙළිදරව්වක්

ඔත්තු බැලී...

ඔත්තු බැලීමට අමතරව ෆ්ලේම් ‍වෛරසයට පරිගණකයේ දත්ත විනාශ කළ හැකි බව අනාවරණ කර ගෙන තිබේ.

ලොව ප්‍රමුඛ පෙළේ සයිබර් ආරක්ෂණ සමාගමක් පැවසූවේ, පරිගණක පද්ධතිවල දත්ත විනාශ කළ හැකි අංගයක් ෆ්ලේම් වෛරසයෙන් හඳුනා ගත් බවයි.

ඔත්තු බැලීමේ කටයුතු සඳහා යොදා ගැනෙන මෙතෙක් හමුවී ප්‍රබලම පරිගණක වෛරසය මෙය ලෙස සැලකෙයි.


ෆ්ලේම් ආරක්ෂණ විශේෂඥයින් පවසන්නේ, ඉරානයට පහරදීම සඳහා පසුගිය අප්‍රේල් මාසයේදී ෆ්ලේම් වෛරසය භාවිත කර ඇති බවයි.

ෆ්ලේම් වෛරසය හේතුවෙන් ඉරාන ඛනිජ තෙල් අමාත්‍යාංශයේ හා ප්‍රධාන තෙල් ගබඩා පර්යන්තයේ පරිගණකවල දත්ත විනාශ වූ බව ඉරානය මීට පෙර ප්‍රකාශ කළේය.

රසායනික බලාගාර ජලාශ වැනි යටිතල ව්‍යුහයන් ක්‍රියාත්මක වන පරිගණකවලට පහරදීමේ අවියක් ලෙස ෆ්ලේම් වෛරසය භාවිත කළ හැකි බව සයිබර් ආරක්ෂණ විශේෂඥයෝ පවසති.

ඒ අතර ඉරානය චෝදනා කරන්නේ, ඇමරිකාවේ ඊශ්‍රායලයේ හා බ්‍රිතාන්‍යයේ තවත් ප්‍රබල සයිබර් ප්‍රහාර සැලැස්මක් හඳුනාගත් බවයි.

1 comment

Anonymous said...

අපිටත් අවුලක් වෙයිද. අනේ මගේ අහිංසක කොම්පීතරේ