මොසිල්ලා ෆයර්ෆොක්ස් යනු මොසිල්ලා සමාගම විසින් පවත්වාගෙන යන නොමිලයේ ලබාගත හැකි විවෘත කේත වෙබ් බ්‍රව්සරයක් වන අතර මෙය මොසිල්ලා ඇප්ලිකේෂ...
මොසිල්ලා ෆයර්ෆොක්ස් යනු මොසිල්ලා සමාගම විසින් පවත්වාගෙන යන නොමිලයේ ලබාගත හැකි විවෘත කේත වෙබ් බ්‍රව්සරයක් වන අතර මෙය මොසිල්ලා ඇප්ලිකේෂන් ස්යිට් වෙතින් බිඳි ආවකි. 2011 මාර්තු වන විට 30% ක වෙළඳපොල කොටසක් හිමි කරගනිමින් ෆයර්ෆොක්ස් වර්තමාන ලෝකයේ භාවිත වන දෙවන ජනඃප්‍රියම වෙබ් බ්‍රවුසරය බවට පත්විය.
වර්තමාන බොහොමයක් වෙබ් ප්‍රමිතීන් ක්‍රියාවට නැංවූ සහ අනාගතයේදී ප්‍රමිතීන් බවට පත්වේ යැයි බලාපොරොත්තු වියහැකි විශේෂාංග වලින් සමන්විත ගෙකෝ පිරිසැලසුම් යන්ත්‍රය (Gecko layout engine) වෙබ් පිටු විදහා දැක්වීම සඳහා ෆයර්ෆොක්ස් විසින් භාවිත කරනු ලබයි.
පටිතිගත පිරික්සුම (tabbed browsing), අක්ෂරවින්‍යාසය සෝදිසි කිරිමේ මෙවළමක් (spell checker), වෘද්ධි සේවීම් (incremental find), සජීවි පිටුසන් කිරීම (live bookmarking), බාගත කිරීම් කළමණාකාරකයක් (download manager), පුද්ගලිකව සැරිසැරීම (Private browsing), ගූගල් සේවාවක් මත පදනම් වූ (geolocation ලෙසින් හඳුන්වන) සිටින ස්ථානය දැන ගැනීමේ හැකියාව සහිතව පිරික්සීම සහ බ්‍රව්සරය හා ඈඳුණු සෙවුම් පද්ධතියක් (මෙය බොහෝ ස්වදේශියකරණ සංස්කරණයන් සඳහා ගූගල් සෙවුම් යන්ත්‍රය වේ) ෆයර්ෆොක්ස් තුළ අන්තර්ගත නවතම විශේෂාංග වලින් කිහිපයකි.
තෙවන පාර්ශවයේ සංවර්ධකයින් විසින් නිර්මාණය කරන ලද පුළුල් පරාසයක විහිදුනු ඈඳුම් එකතුවක් (add-ons) මගින් මෙයට තවත් ක්‍රියාකාරකම් එකතු කර ගතහැකි වීම ෆයර්‍ෆොක්ස් වෙත බොහෝ පරිශ්‍රීලකයින් ආකර්ෂණය කරගන්නා විශේෂාංගයකි.ෆයර්ෆොක්ස් වෙබ් බ්‍රව්සරය මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්, ග්නූ/ලිනක්ස්, මැක් OS X, FreeBSD සහ බොහෝ වෙනත් විවිධ මෙහෙයුම් පද්ධති සංස්කරණ මත ධාවනය කළ හැක. මෙහි වර්තමාන ස්ථාවර අනුවාදය 4.0.1 වන අතර, එය 2011 අප්‍රේල් 28 වැනි දා නිකුත් කරන ලදී. ෆයර්ෆොක්ස්හි මූල කේතය මොසිල්ලා ට්‍රයි-ලයිසන්ස් (tri-license) GNU GPL/GNU LGPL/MPL නියමයන්ට යටත් වූ නොමිලේ සහ විවෘත මූල මෘදුකාංගයකි.
ඉතිහාසය
ඩේව් හයිට් (Dave Hyatt) සහ බ්ලේක් රෝස් (Blake Ross) මොසිල්ලා ව්‍යාපෘතියේ පරික්ෂණාත්මක ශාඛාවක් වූ ෆයර්ෆොක්ස් ව්‍යාපෘතියේ වැඩ කිරීම ආරම්භ කරන ලදී. අනුග්‍රාහක නෙට්ස්කේප් වල ව්‍යාපාරික අවශ්‍යතාව සහ වැඩසටහන් සංවර්ධකයින් විසින් පවත්වාගෙන යන අනවශ්‍ය විශේෂාංග නිසා මොසිල්ලා බ්‍රවුසරයේ උපයෝගීතාවය පහත වැටීම සිදුවන බව ඔවුන් දෙපළගේ විශ්වාසය විය.තමන් දුටු මෙම අනවශ්‍ය වැඩසටහන් වලින් පිරුණු මොසිල්ලා ස්යිට් හා සටන් වැදීමට, ඒ සඳහා ආදේශකයක් ලෙස හාවිත කිරීමේ අදහසින් ඔවුන් විසින් වෙබ් බ්‍රවුසරයක් නිර්මාණය කරන ලදී. පසුව මොසිල්ලා පදනම තම අරමුණ මොසිල්ලා ස්යිට් සිට ෆයර්ෆොක්ස් සහ තන්ඩර්බර්ඩ් දක්වා වෙනස් කරීමට තීරණය කළ බව 2003 අප්‍රේල් 3 වන දින නිවේදනය කළේය.පෙර අනුවාද
ෆයර්ෆොක්ස් ව්‍යාපෘතිය නම් වෙනස් කිරීම් කිහිපයකට භාජනය වුනි. මුලින්ම මෙය ෆීනික්ස් (Phoenix) ලෙස නම් කරන ලදී. පරිගණක බයෝස්(BIOS) මෘදුකාංග නිර්මාණය කරන සමාගමක් වන ෆීනික්ස් ටෙක්නොලොජීස් සමඟ පැණනැගුනු වෙළඳනාම පිළිබඳ මතභේදයක් නිසා මෙම නම වෙනස් කිරීමට සිදු විය. පසුව ෆයර්බර්ඩ් නමින් නැවත නම් තැබූ මෙයට එරෙහිව නොමිලයේ බෙදාහරින ෆයර්බර්ඩ් දත්ත ගබඩා මෘදුකාංග ව්‍යාපෘතිය (Firebird free database software project) සිය දැඩි අකමැත්ත ප්‍රකාශ ලදී. ඊට ප්‍රතිචාර ලෙස, මෙම දත්ත ගබඩා ව්‍යාපෘතියේ නම සමඟ ඇතිවන පටලැවිලි සහගත තත්ත්වය මග හැරීම සඳහා මොසිල්ලා පදනම සිය බ්‍රවුසර නාමය සෑම විටම මොසිල්ලා ෆයර්බර්ඩ් ලෙස සඳහන් කළ යුතු යැයි ප්‍රකාශයට පත් කරන ලදී.දිගින් දිගටම මෙම දත්ත ගබඩා සර්වර් සංවර්ධක ප්‍රජාවගෙන් එල්ල වූ බලපෑම නිසා මොසිල්ලා ෆයර්බර්ඩ් නාමය 2004 නොවැම්බර් 9 වන දින මොසිල්ලා ෆයර්ෆොක්ස් ලෙස වෙනස් කෙරිණ. මෙය බොහොවිට ෆයර්ෆොක්ස් ලෙසින් පමණක් භාවිත වන අතර Fx හෝ fx ලෙස ලඝු කොට දැක්වීමට මොසිල්ලා පදනම වැඩි කැමැත්තක් දක්වන මුත් බොහොවිට එය "FF" ලෙස ලඝු කොට දක්වයි. 2004 නොවැම්බර් 9 වනි දා එළි දුටු ෆයර්ෆොක්ස් හි 1.0 අනුවාදයට පෙර ෆයර්ෆොක්ස් ව්‍යාපෘතිය බොහෝ අනුවාද මතින් ගමන් කරන තිබුනි. ස්ථායිතා සහ ආරක්ෂක තිර කිරිම් (fixes) මාළාවකට පසුව මොසිල්ලා පදනම විසින් පළමු ප්‍රධාන යාවත්කාලීන කිරීම ෆයර්ෆොක්ස් 1.5 අනුවාදය ලෙස 2005 නොවැම්බර් 29 වන දින නිකුත් කරන ලදී.
2.0 වැනි අනුවාදය
ෆයර්ෆොක්ස් 2 අනුවාදය 2006 ඔක්තෝබර් 24 දා එළි දැක්විය. මෙම අනුවාදනය තුළ පටිතිගත පිරික්සුම් පරිසරය (Tabbed browsing environment), දිගු කළමණාකාරකය (Extensions manager), GUI, සොයා ගැනීම් (find), සෙවුම් (search) සහ මෘදුකාංගය යාවත්කාලීන යන්ත්‍රය; සඳහා නවීකරණයන් සහ නව සැසි ප්‍රතිෂ්ඨාපන (session restore) විශේෂාංගයක්; පේළිගත අක්ෂරවින්‍යාසය පිරික්සීම (inline spell checking) සහ පසුව ක්‍රමලේඛනය තුළට ඒකාබද්ධ කෙරුණු දිගුවක් ලෙසින් ගූගල් විසින් ක්‍රියාවට නැන්වූ ප්‍රති-තතුබෑමේ (anti-phishing) විශේෂාංගයක් ඇතුළත් කොට තිබුනි. 2007 දෙසැම්බරයේ දී ෆයර්ෆොක්ස් ලයිව් චැට් (Firefox Live Chat) සේවාව දියත් කරන ලදී. එය ස්වේච්ඡා සේවකයින් විසින් ජීව් සොෆ්ට්වෙයා (Jive Software) විසින් බලගැන්වු පද්ධතියක් හරහා සිදු කරන ලබයි. එමගින් පරිශීලකයින්ට ප්‍රශ්නයක් යොමු කිරීමේ අවස්ථාව උදාවන අතර මෙහෙයුම් කටයුතු සිදුකරන වේලාව තුළදී ප්‍රතිචාරයක් දැක්වීම සහතික කරන අතර එයින් පසු වේලාවකදී හෝ පිළිතුරු ලබා ගැනීමේ ඉඩ ප්‍රස්ථාව පැවතිය හැක.
3.0 වැනි අනුවාදය
2008 ජූනි 17 වන දින මොසිල්ලා පදනම විසින් මොසිල්ලා ෆයර්ෆොක්ස් 3 නිකුත් කරන ලදි. වෙබ් පිටු විදහා දැක්වීම සදහා ෆයර්ෆොක්ස් 3 විසින් යොදාගනු ලබන්නේ ගෙකෝ පිරිසැලසුම් යන්ත්‍රයේ 1.9 වන අනුවාදය වේ. බොහෝ දෝෂ සඳහා තිර කිරීම්, වෙබ් ප්‍රමිතීන් සඳහා දක්වන අනූකූලතාවයේ වැඩි දියුණු කිරීම්, නව මෘදුකාංග ක්‍රමලේඛණ අතුරුමුහුනතක්(API) ඉදිරිපත් කිරීම, මෙම නව අනුවාදයේ දක්නට ලැබුනි. මෙහි අන්තර්ගත අමතර විශේෂාංග නම් ප්‍රතිනිර්මාණය කරන ලද බාගත කිරීම් කළමණාකාරකය, පිටුසන් සහ අතීතය සඳහා වෙන්වු නවතම "ස්ථාන" පත්ධතිය සහ වෙනස් මෙහෙයුම් පද්ධති සඳහා එකිනෙක වෙනස් තේමා (Themes) ඉදිරිපත් කිරීමයි.4.0 වැනි අනුවාදය
මොසිල්ලා පදනම විසින් Tumucumaque කේතනාමය යටතේ 2011 මාර්තු 22 වැනි දින ෆයර්ෆොක්ස් 4 අනුවාදය නිකුත් කරන ලදී.නවතම පරිශීලක අතුරුමුහුණතකින් සමන්විත මෙය වැඩි වේගයකින් ක්‍රියාත්මක වන බව කියවේ.මෙහි වින්ඩෝස්, මැක් සහ ලිනක්ස් වලට අදාළ නව අතුරුමුහුණත් වල මූලික හැඩතලයන් 2009 ජූලි මාසයේ දී එළි දැක්විය. මෙම අනුවාදය සඳහා අතුළත් කර ඇති අනෙකුත් විශේෂාංග නම් වැඩි දියුණු කළ නිවේදන ක්‍රමවේදය (notifications), පටිති ගොණු, අයදුම් පටිති, නැවත නිර්මාණය කළ ඈඳූම් කළමණාකාරකය, ෆයර්ෆොක්ස් සින්ක් (Firefox Sync) සමග අනුකලනය සහ බහුස්පර්ශක තිර සඳහා සහය දැක්වීම වේ.මෙම 4.0 වැනි අනුවාදය HTML5, CSS3, WebM සහ WebGL. යන අංගයන් අළුතින් එක් කළ හෝ ඒවා සඳහා දක්වන සහය වැඩි දියුණු කළ ගෙකො 2.0 පිරිසැලසුම් යන්ත්‍රය මත පිහිටුවා ඇති අතර නවතම ජාවාස්ක්‍රිප්ට් (JägerMonkey) යන්ත්‍රයකින් සහ වඩා දියුණු XPCOM අයදුම් ක්‍රමලේඛණ අතුරු මුහුණත් වලින් සමන්විතය.
5.0 වැනි අනුවාදය
ෆයර් ෆොක්ස් 5 යනු නවතම ස්ථායී අනුවාදයයි. 2011 ජූනි මස 21 වනදා නිදහස් විය. කලින් නිදහස් කල ප්‍රධාන අනුවාදය වන 4.0 වන අනුවාදය නිදහස් වී ගතවී ඇත්තේ මාස 3ක් පමණි. මෙය ෆයර් ෆොක්ස් හි නිකුතු ක්‍රියාවලියේ පළමුවැන්නයි. ගූගල් ක්‍රෝම් හි සීඝ්‍ර නිකුතු ක්‍රියාවලියට හා අනුවාද අංකයට සමපාත වීමට දරණ උත්සාහයකිවිශේෂාංග
- පටිතිගත පිරික්සුම (tabbed browsing), අක්ෂරවින්‍යාසය සෝදිසි කිරිමේ මෙවළම(spell checker), වෘද්ධි සේවීම් (incremental find), සජීවි පිටුසන් කිරීම (live bookmarking), සංගෘහිත බාගත කිරීම් කළමණාකාරකය (download manager), ගූගල් සේවාවක් මත පදනම් වූ (geolocation ලෙසින් හඳුන්වන) සිටින ස්ථානය දැන ගැනීමේ හැකියාව සහිතව පිරික්සීම සහ ගූගල් වල ඇතුලත් වන සෙවුම් පද්ධතිය ෆයර්ෆොක්ස් වල ඇතුලත් විශේෂාංග වේ. තෙවන පාර්ශවයේ සංවර්ධකයින් විසින් නිර්මාණය කරන ලද පුළුල් පරාසයක විහිදුනු ඈඳුම් එකතුවක් මගින් මෙයට තවත් ක්‍රියාකාරකම් එකතු කර ගතහැකි වීම ෆයර්‍ෆොක්ස් වෙත බොහෝ පරිශ්‍රීලකයින් ආකර්ෂණය කරගන්නා විශේෂාංගයකි.
- ෆයර්ෆොක්ස් දෝස කොන්සෝලය (Error Console) හෝ ලේඛ වස්තු ආකෘතිය පරික්ෂකය (DOM Inspector) ආදී මෙවලම් හෝ ෆයර්බග් (Firefox extension) ආදී දිගු නිසා හෝ ක්‍රමලේඛණ සංවර්ධකයින් සඳහා ද වටපිටාවක් ෆයර්ෆොක් විසින් නිර්මාණය කර දෙයි.
සම්මතයන් සඳහා සහය
ඒ ඒ අනුවාදක සඳහා ෆයර්ෆොක්ස්වල වෙළඳපොල කොටස — NetApplications.com, August 2008 |
|
ෆයර්ෆොක්ස් 1.0.x | 0.16% |
---|---|
ෆයර්ෆොක්ස් 1.5.0.x | 0.29% |
ෆයර්ෆොක්ස්2.0.0.x | 11.51% |
ෆයර්ෆොක්ස් 3.0.x | 7.74% |
සියලු අනුවාදක | 19.73% |
ආරක්ෂාව
සෑන්ඩ්බොක්ස් (sandbox) පරිගණක ආරක්ෂක යාන්ත්‍රණය ෆයර්ෆොක්ස් විසින් භාවිතා කරනු ලබන අතර Same origin policy මත පදනම් වූ සෙසු වෙබ් අඩවි වලින් එන ලේඛන ක්‍රම (Scripts) දත්ත වලට පිවිසීම සීමා කරයි. ෆයර්ෆොක්ස් විසින් HTTPS ප්‍රොටෝකෝලය භාවිතා කරමින් වෙබ් සේවාදායකයක් (Web server) සමඟ සිදුකරන සන්නිවේදනයේ රහස්‍යයභාවය සුරක්ෂිත කිරිම සඳහා SSL/TLS ක්‍රමය භාවිතා කරයි. එය වෙබ් යෙදුම් (applications) වලට සත්‍යාපන කටයුතු (authentication purposes) සඳහා ස්මාර්ට්කාඩ් භාවිතා කිරිම ද සහය ලබා දේ. මොසිල්ලා පදනම ෆයර්ෆොක්ස් වල ඇති විශාල ආරක්ෂක සිදුරු සොයාගන්නා පරික්ෂකයන් හට පාරිතෝෂිකයක් ලබා දීම සඳහා bug bounty වැවසටහන ක්‍රියාත්මක කරයි.ලබා ඇති සම්මාන
- වෙබ්වෙයා 100 (Webware 100) ජයග්‍රහකයා, 2007 ජූනි
- පීසී වර්ල්ඩ් 2007 වසරේ හොඳම නිෂ්පාදන 100, 2007 මැයි
- පීසී මැගසීන් සංස්කාරක කතෘවරයාගේ තේරීම, 2006 ඔක්තොබර්
- CNET සංස්කාරක කතෘවරයාගේ තේරීම, 2006 ඔක්තොබර්
- පීසී වර්ල්ඩ් 2006 වසරේ හොඳම නිෂ්පාදන 100, 2006 ජූලි
- පීසී මැගසීන් විශිෂ්ඨ තාක්ෂණ සම්මානය, මෘදුකාංග සහ සංවර්ධන මෙවලම් අංශය, 2006 ජනවාරි
- පීසී මැගසීන් වසරේ හොඳම සම්මානය, 2005 දෙසැම්බර් 27
- පීසි ප්‍රෝ රියල් වර්ල්ඩ් සම්මානය (ෙමා්සිල්ලා පදනම), 2005 දෙසැම්බර් 8
- CNET සංස්කාරක කතෘවරයාගේ තේරීම, 2005 නොවැම්බර්
- මහ බ්‍රිතාන්‍ය කාර්ය හැකියා වෘත්තිකයන්ගේ සංගමයේ (UK Usability Professionals' Association) 2005 වසරේ හොඳම මෘදුකාංග යෙදුම සම්මානය, 2005 නොවැම්බර්
- මැක්වර්ල්ඩ් (Macworld) සංස්කාරක කතෘවරයාගේ තේරීම 4.5lක ඇගයීමක් සහිත, 2005 නොවැම්බර්
- සොෆ්ට්පීඩියා පරිශීලක තේරීම සම්මානය, 2005 සැප්තැම්බර්
- 2005 වසරේ TUX පාඨක තේරීම සම්මානය, 2005 සැප්තැම්බර්
- පීසී වර්ල්ඩ් වසරේ නිෂ්පාදනය, 2005 ජූනී
- Forbes Best of the Web, 2005 මැයි
- පීසී මැගසීන් සංස්කාරක කතෘවරයාගේ තේරීම සම්මානය, 2005 මැයි
4 comments
hoda lepiyak
godak honda lipiyak.
inbox ekata ena e-mail blok karanna puluwanda? danna kawruhari mata kiyannako.
්ඔවු email settings වලින් පුලුවන්
හොඳ ලිපියක්.දැන් තියෙන සංස්කරණය 13 නේද?
Post a Comment