Breaking News:

latest

සෙවුම් යන්ත්‍රවලින් ෆේස්බුක් ගිණුම හංගමු

නරක කාලයකුත් ගෙවිලා ගියා.මරණය දැක දැක බේරුණා.වෙනදාටත් පණින තාප්පෙන් පැනලා මරුවා ළගට ගිහින් අවා.දැන් නම් ඇවිදින්න බැරුව ඔහේ ඉන්නවා.බෙහෙත් නම...

නරක කාලයකුත් ගෙවිලා ගියා.මරණය දැක දැක බේරුණා.වෙනදාටත් පණින තාප්පෙන් පැනලා මරුවා ළගට ගිහින් අවා.දැන් නම් ඇවිදින්න බැරුව ඔහේ ඉන්නවා.බෙහෙත් නම් ගත්තා.නමුත් තව හුගාක් කාලයක් ඇදට වෙලා ඉන්න වෙයි දොස්තර කිව්වා විදියට.

අපි හැමෝම ෆේස්බුක් ඉන්නවා.ඉතින් එක හැමෝටම පොදු තැනක් වෙලා දැන්.නමුත් සමහරුන්ට එක මල වදයක් වෙලා තියෙන්නේ. මටත් එහෙමයි. කාව හරි බ්ලොක් කරොත් ඒ කෙනා බ්ලොක් කරලද නැද්ද කියලා හොයාගන්න පුළුවන් විදියක් අපි කියලා දුන්න හින්දා හුගක් අය අපිට බනිනවා ඇති.

නමුත් දැන් කියලා දෙන්න යන එක ගැන දැනගත්තම ඒ බැනපු අය අපිට හොද කියයි මෙන්ම එකෙන් වාසියක් වෙලා අපිට හොද කියපු උදවියම අපි‍ට දැන් බන වැදීමටද පුළුවන.මොකද කියලා මේක කියෙව්වම තේරෙයි හැමෝටම. හරි අපගේ මුහුණු පොත හෙවත් ෆේස්බුක් ගිණුම ගූගල් වැනි සෙවුම් යන්ත්‍රවලින් අපගේ හෝ ඔයාට ඕන කෙනෙක්ගේ නම සදහන් කරලා සෙවීමක් දැම්මයින් පස්සේ එයගේ ෆේස්බුක් ගිණුම ඔක්කොම ලස්සනට පෙන්නනවා.ඉතින් එක නවත්ත ගන්න පුළුවන් විදියකුත් තියෙනවා.එක තමා දැන් කියලා දෙන්න යන්නේ.ඒ කියන්නේ ඔබගේ ෆේස්බුක් ගිණුම සෙවුම් යන්ත්‍රවලින් හංගන්න යන්නේ.ඉතිං වැඩි දෙයක් කරන්න නැහැ.
  • මුලින්ම ඔබගේ ෆේස්බුක් ගිණුම වෙත පිවිසෙන්න.
  • දැන් එහි දකුණු පැත්තේ තියෙන Settings එකේ Privacy Setting කියලා තියෙන එක තෝරාගන්න.
  • දැන් Apps and Websites එක තෝරාගෙන එහි ඇති Edit your settings තෝරාගන්න.

  • එහි ඇතිPublic search තුල Edit Settings තෝරාගන්න.

  • Enable public search එක ඉදිරියෙන් කොටුවේ හරිය ඉවත් කරන්න.

  • ඊලග පියවෙරිදි ලැබෙන වින්ඩොව් එක Confirm යන්න තෝරන්න.ටික කාලයක් තුල ඔබගේ ෆේස්බුක් ගිණුම සෙවුම් යන්ත්‍රවලින් හැංගි යනු ඇත.

2 comments

The තරුවා said...

එළස්...

Hashan Gayasri said...

අයියෝ මම නම් 18 වෙනකං හිටියෙ Public search එකට වැටෙන්න නෙ!!