Breaking News:

latest

MS Word Short Cut හෙවත් කෙටිමං

මවුස් පොයින්ටරයෙන් වර්ඩ් මෙනු හරහා ගොස් කරගන්නා සමහර කටයුතු යතුරු පුවරුව ඇසුරෙන්ද කරගත හැක.මෙසේ යතුරු කිහිපයක් එක්කොට සකස් කරගන්නා විධාන ...


මවුස් පොයින්ටරයෙන් වර්ඩ් මෙනු හරහා ගොස් කරගන්නා සමහර කටයුතු යතුරු පුවරුව ඇසුරෙන්ද කරගත හැක.මෙසේ යතුරු කිහිපයක් එක්කොට සකස් කරගන්නා විධාන ෂෝට්කට්ස් ලෙස හදුන්වයි.පහත දැක්වෙන්නේ මයික්‍රොසොෆ්ට් වර්ඩ්හි එන එවැනි කෙටිමංය.


  • Ctrl + N - අලුත් වර්ඩ් ලියවිල්ලක් විවෘත කිරීම.
  • Ctrl + O - කලින් සේව් කළ ලියවිල්ලක් විවෘත කිරීම.
  • Ctrl + W -වර්ඩ් මුදෘකංගයෙන් ඉවත් නොවී දැනට වැඩ කරන වින්ඩෝ වසා දැමීම.
  • Ctrl + S - දැනට වැඩ කරන ලියවිල්ලක් සෙවීම.
  • Ctrl + P - දැනට වැඩ කරන ලියවිල්ලක් ප්‍රින්ට් කිරීම.
  • Ctrl + Z - කලින් වැඩයට නැවත යාම හෙවත් Undo කිරීම.
  • Ctrl + Y - Redo කිරීම හෙවත් Undo කළ වැඩය නැවත ලබාගැනීම.
  • Ctrl + X - වැඩ කරන ලියවිල්ලෙන් තෝරා ගත් කොටසක් ඉවත් කිරීම හෙවත් Cut කිරීම.
  • Ctrl + C - තෝරා ගත් කොටසක්  Copy කොට වෙනත් තැනකට ගෙන යාම.
  • Ctrl + V - Copy කරගත් දෙයක් කර්සරය ඇති තැනට ගෙන යාම හෙවත් Paste කිරීම.
  • Ctrl + A - මුළු ලියවිල්ලම තේරීම හෙවත් Select All කිරීම.
  • Ctrl + F - ලියවිල්ලෙන් යමක් සෙවීමට හෙවත් Find කිරීම.
  • Ctrl + B - තෝරා ගත් කොටසක ඇති අකුරු ඝන කිරීම හෙවත් Bold කිරීම.
  • Ctrl + I - තෝරා ගත් කොටසක් ඇද කිරීමට හෙවත් Italic කිරීම.
  • Ctrl + U - තෝරා ගත් කොටසක් යටින් ඉරක් ඇදීම හෙවත් Underline කිරීම.
  • Ctrl + Shift + W - තෝරා ගත් කොටසක වචනවලට යටින් පමණක් ඉරක් ඇදීම.
  • Ctrl + Shift + D - තේරූ කොටසක් යටින් ඉරි දෙකක් ඇදීම හෙවත් Double Underline කිරීම.
  • Ctrl + Shift + > - තෝරා ගත් කොටසේ අකුරුවල ප්‍රමාණය විශාල කිරීම.
  • Ctrl + Shift + < - තෝරා ගත් කොටසේ අකුරුවල ප්‍රමාණය කුඩා කිරීම.
  • Ctrl + ] - තොර ගත් කොටසේ අකුරුවල ප්‍රමාණය එකින් එක බැගින් විශාල කිරීම.
  • Ctrl + [ - තොර ගත් කොටසේ අකුරුවල ප්‍රමාණය එකින් එක බැගින් කුඩා කිරීම.
  • Shift + E - ඡේදයක් මැදට ගෙන එම හෙවත් Center කිරීම.
  • Shift + J - ඡේදයක් දෙපසට පෙළ ගැස්වීම හෙවත් Justify කිරීම.
  • Ctrl + L - ඡේදයක් වම් පසට පෙළ ගැස්වීම හෙවත් Left Align කිරීම.
  • Ctrl + R - ඡේදයක් දකුණු පසට පෙළ ගැස්වීම හෙවත් Right Align කිරීම.
  • Ctrl + M - ඡේදයක් ආරම්භයේ වම් පසින් ඉඩ තැබීම හෙවත් Indent කිරීම.
  • Ctrl + T - ඡේදයක් ආරම්භක ඉඩ වෙනස් කිරීම හෙවත් Hanging Indentකිරීම.
  • Ctrl + Shift T - ඡේදයක  Hanging Indent හි දුර අඩු කිරීම.
  • Ctrl + 1 - පේළි දෙකක් අතර තනි ඉඩක් සැකසීම.
  • Ctrl + 2 - පේළි දෙකක් අතරේ දෙගුණ ඉඩක් සැකසීම.
  • Ctrl + Backspace - වමේ සිට එක වචනය බැගින් මැකීම.
  • Ctrl + Del - දකුණේ සිට එක වචනය මගින් මැකීම.
  • Shift + Enter - පේළි දෙකක් අතරට අලුත් තවත් පේලියක් එක් කිරීමට.
  • Shift + left side arrow key - හයිලයිට් කොට තෝරා ගත් කොටසක් හෙවත් සිලෙක්ෂන් එකක් තවදුරටත් වම් පස හෙවත් අරම්භය දක්වා හයිලයිට් කිරීම.
  • Ctrl + Shift + right side arrow key - හයිලයිට් කොට තෝරා ගත් කොටසක් හෙවත් සිලෙක්ෂන් එකක් තවදුරටත් දකුණු පසට හෙවත් අවසානය දක්වා හයිලයිට් කිරීම.
  • Ctrl + left side arrow key - වම් පසට අකුරෙන් අකුර කර්සරය ගෙන යාම.
  • Ctrl + right side arrow key - දකුණු පසට අකුරෙන් අකුර කර්සරය ගෙන යාම.
  • Ctrl + End - යම් තැනක සිට ලියවිල්ලේ අවසාන ස්ථානයට යාම.
  • Ctrl + Home - යම් තැනක සිට ලියවිල්ලේ ආරම්භක ස්ථානයට යාම.
  • Ctrl + F4 - වර්ඩ් වසා දමා ඉන් ඉවත් වීම.

6 comments

Anonymous said...

Wow. Very good

කේෂන් said...

අනේ Short Cut එපා කමක් නැ හොදයි.............. හොද Soft ware එකක් දෙන්නකෝ මගේ යාළුවා ....... ඔයාගේ Site එක නියමයි ගොඩක් වටිනවා...........

blogger said...

APITA MEKE AKURU PENNE NE MEKE FONT EKA MOKAKKDA KIYANAWADA ?

Dilshan Wijesooriya said...

Google Translator හරහා Unicode

mahesh dananjaya said...

මම ඔබගේ ලිපි මගේ වෙබ් අඩවියෙන් උපුටගනිමි...... එය මම ඔබට හානියක් නොවනසේ පකරමි.http://software-mahesh.blogspot.com/ මෙම වෙබ් අඩවියේ පල කර ඇත.

Dilshan Wijesooriya said...

oki