කොහොමද ඉතිං කට්ටිය හොදින් ඇති කියල හිතනවා.හරි මුළින්ම මෙ සොෆ්ට්වෙයා එක ගැන කියන්න කලින් WiFi හෙවත් Wireless Fidelity එක ගැන පොඩි හැදින්ව...
කොහොමද ඉතිං කට්ටිය හොදින් ඇති කියල හිතනවා.හරි මුළින්ම මෙ සොෆ්ට්වෙයා එක ගැන කියන්න කලින් WiFi හෙවත් Wireless Fidelity එක ගැන පොඩි හැදින්වීමක් කරන්නම් නොදන්නා අයගේ දැනුමට.කට්ටිය අකමැති වෙන එකක් නැහැ නේ එක ගැන පොඩ්ඩක් කියලා දෙනවට.
රැහැන් රහිත ක්‍රමයට හෙවත් වයර්ලස් ක්‍රමයට ඉන්ටර්නෙට් දීම ගැන මතක් වෙන විට මතක් වන්නේ වයිෆයි ය.වයිෆයි [WiFi] යනු [Wireless Fidelity] යන සම්පුර්ණ වචනයෙන් සකසා ගත් කෙටි යෙදුමකි.මේ යෙදුමෙන් හදුන්වන්නේ රැහැන් රහිත ජාලයක් [Wireless Network] හරහා තොරතුරු පතුරුවා හැරීමේ [විකාශය කිරීමේ] ප්රමිතියකි.රැහැන් රහිත ජාල හරහා තොරතුරු හුවමාරු වන්නේ සෙලියුලර් දුරකථන, රූපවාහිනී, රේඩියෝ යන්ත්‍ර වැනි උපකරණවල යොදා ගන්නාක් වැනි රේඩියෝ තරංගවලිනි.මෙසේ රේඩියෝ තරංග සම්ප්‍රේෂණය සදහා තිබිය යුතු මුලික ඕනෑකමක් වන්නේ වයර්ලස් රවුටරයකි.මෙම රවුටරයේ තිබෙන ඇන්ටෙනා මගින් පරිගණකයේ දත්ත රේඩියෝ තරංග බවට හරවනු ලබයි.මේ සදහා පරිගණකයේ තිබිය යුතු අවශ්‍යතාවය වන්නේ වයිෆයි ඇඩප්ටරයයි.මෙය එක්කෝ යුස්බි ඇඩප්ටරයකි.නැතහොත් පීසී කාඩ් එකකි.
ඉතිං වයිෆයි ගැන කෙටි හැදින්වීම කට්ටියට තේරෙන්න ඇති කියලා හිතන්න ඇති.ඉතිං ලංකාවේ බොහෝ දෙනෙක් අන්තරජාලය පාවිච්චි කරන්නේ කේබල් එකක් හරහා හෝ ඩොන්ගල් එකක් මගින්ය.නමුත් වයිෆයි නෙට්වර්ක් එකක් හරහා අන්තරජාලය පාවිච්චි කරන අයත් නැතුවාම නොවේ.ඉතිං එහෙම වයිෆයි සබදතාවයක් තියෙන හුගාක් උදවිය ඒවාට සම්බන්ධ වීමට රහස් වචනයක් යොදාගෙන තිබේ.නමුත් එහෙම වයිෆයි නෙට්වර්ක් එකට රහස් වචනයක් දාලා තිබ්බත් ඒවාට හොර රහසේ ඇතුළුවීමට හැකියාවක් තිබේ.එහෙම හොර රහසේ ඇතුළු වෙලා ඉන්න අයව අදුර ගන්න පුළුවන් සොෆ්ට්වෙයා එකක් තමා WiFi Network Watcher මුදෘකාංගය.
මෙය ජංගම මාදිලි සොෆ්ට්වෙයා එකක් වෙන නිසා පරිගණකයට ඉන්ස්ටෝල් කිරීමට අවශ්‍ය නැත.ඔබ මුදෘකාංගය ක්‍රියාත්මක කිරීමෙන් පසුව ඔබගේ නෙට්වර්ක් ඒක හොරෙන් පාවිච්චි කරන පරිගණකය හෝ වේවා ඕනෑම උපාංගයක් එහි මැක් ලිපිනයත් සමගම පෙන්වයි.එහෙනම් වොචර් කෙනෙක්ගේ සේවය නොමිලේම ලබාගන්න පහතින් මුදෘකාංගය ඩවුන්ලෝඩ් කරගන්න.|
Zip Password [if need]: softwarenomile
8 comments
මචo පුලුවන්නo කියන්නකො wifi එකකට හොරෙන් රිoගන්නෙ කොහොමද කියල. campus එකෙ wifi එක lecturersලට විතරයිලුනෙ.
ane plc matath kiyala denawada wifi walata kohomada ringanne kiyala.plc.
Windows walatanam softwares adui. Ubuntu walatanam thiyenawa. Search karala balanna
krishjZZ
machan man kuwait eke inne.oyage lipi hamadema kiyawanawa.ewa mata godak important.thank you me blog eka aragena yanawata.
man wifi watcher dagena scan karama
mage huwaie dongle ekei ,mage computer eke namin ip address 2k enawaline dekakata.habai ekama langa .mekata hethuwa kiyannawada?
computer එකේ නමින්ම එනවා නමි අවුලක් නැහැ?
macha password dala tiyana wi-fi ekakata password eka netiwa yanna puluwan software ekak gena dena ganna puluwan weida?mama italy walin ranesh.thanks
wifi Hack කරන්න පුලුවන් Linux වලින් නමි,Windows වලින් බැහැ
linux walin kohomada wifi pass ekka hack karanne
Post a Comment