Breaking News:

latest

ප්‍රොසෙසරයක් මිලදී ගැනීමේදී සැලකිය යුතු කරුණු (හතරවැනි පර්ච්ඡේදය)

වේගය දැන්  වෙළද පොළේ 3GHz හෝ ඊටත් වඩා වේගයෙන් යුත් ප්‍රොසෙසර තිබේ. කැෂ් මෙමරි ප්‍රමණය  1MB හෝ ඊට වැඩි ප්‍රමාණයක් වීම උචිතය මවුපුවරුවට ...


  • වේගය
දැන්  වෙළද පොළේ 3GHz හෝ ඊටත් වඩා වේගයෙන් යුත් ප්‍රොසෙසර තිබේ.

  • කැෂ් මෙමරි ප්‍රමණය
 1MB හෝ ඊට වැඩි ප්‍රමාණයක් වීම උචිතය
  • මවුපුවරුවට සවිකිරීමට ඇති හැකියාව
විවිධ  ප්‍රොසෙසරවල ප්‍රමාණය හා පින් ගණන අනුව එය සවිකිරීම සදහා මවුපුවරුවේ සොකට් එකක් පිහිටුවා ඇත.මේ නිසා ලබා ගන්නා ප්‍රොසෙසරය සවි කළ හැකි මවුපුවරුවක් මිලදී ගත යුතුය.මෙහිදී මවුපුවරුවේ වර්ගය ගැනද සැළකිලිමත් විය යුතුය.පෙන්ටියම් IV ප්‍රොසෙසරයක් යොදා ගන්නා විට නියම ඉන්ටෙල් මදර්බෝඩ් එකක් භාවිතා කිරීමෙන් පරිගණකය භාවිතයේදී ඇතිවෙන තාක්ෂණික ගැටළු අඩු වනු ඇති.අලුත් පෙන්ටියම් IV ප්‍රොසෙසර් සදහා දැන් භාවිතා වන්නේ LGA 775 නම් සොකට් එකයි.මේ නිසා පැරණි පෙන්ටියම් IV ප්‍රොසෙසර් මෙම අලුත් මවුපුවරුව මතට සවි කල නොහැකිය.එසේම මෙම අලුත් ප්‍රොසෙසර් පැරණි 475 වර්ගයේ සොකට් ඇති මවුපුවරුවලට සවි කිරීමද කළ නොහැකිය.
  • වගකීම් කාල සිමාව
අවම  වශයෙන් වසරක හෝ ඊට වඩා වැඩි වගකීම් කාලයක් ලබා ගැනීම හොදය.

වැදගත්,
පෙන්ටියම් ෆෝ ප්‍රොසෙසරයක් සාමන්‍යයෙන් විකුණන්නේ එයට උචිත කුලින් ෆැන් එකක් හා හීට් සින්ක් එකක් සහිත පැකේජයක් ලෙසය.(පහත රුපයේ පරිදි)


ඒඑම්ඩ් හෝ වෙනත් වර්ගයක ප්‍රොසෙසරයක් ගන්නා විට ඊට වඩාත් සුදුසු කුලින් ෆැන් එකක් සොයා සවි කළ යුතුය.එහි විශාලත්වය වැඩි වන තරමටම ප්‍රොසෙසරයක් හොදින් සිසිල් වේ.එවිට පරිගණකය ක්‍රියාත්මක වීමේදී වඩා හොද කාර්යක්ෂමතාවයක් ලබා දෙන අතර ස්ටක් වීමද අඩු වේ.ප්‍රොසෙසර් නිෂ්පාදන සමාගම් නිතරම අලුත් තාක්ෂණය රැගත්, වඩා වේගවත් මෙන්ම කාර්යක්‍ෂම ප්‍රොසෙසර් නිපදවීමට පෙළබේ.අද මිලදී ගන්නා අලුත්ම ප්‍රොසෙසර් සහා ඊට සරිලන මවුපුවරුව තවත් අවුරුද්දක් යන්නට මත්තෙන් පැරණි වන අතර ඒවාට ගැළපෙන අලුත් අමතර කොටස් වෙළද පොළෙන් සොයා ගැනීම අසීරු වනු ඇත.උදාහරණයක්‌ ලෙස අද වෙළද පොළේ පෙන්ටියම් ත්‍රි හෝ පෙන්ටියම් ෆෝ වර්ගයේ පැරණි ප්‍රොසෙසර් හෝ ඒවාට ගැළපෙන මවුපුවරු මිලදී ගන්නට නැත.දැන් ඇත්තේ එල්ජීඒ ප්‍රොසෙසරයක් හා මවුපුවරුවක් පමණි.මේ නිසා ප්‍රොසෙසරයක් තෝරා ගැනීමේදී අලුත් මාදිලියක එකක් තෝරා ගැනීම වාසි සහගතය.

2 comments

Shan said...

cach memory eke capacity eka balaganne kohomada ?

Dilshan Wijesooriya said...

ඒ සදහා CPU ID වගේ software එකක් පාවිචිචි කරන්න පුලුවන්