Breaking News:

latest

බ්ලොක් කරලා කියලා සැකද?

ඉතිං මිතුරණි ඔයාලට කොහොමද? අපි නම් විවිධ තර්ජන ගර්ජන මැද කාලය ගෙවමින් සිටි.නමුත් ඔබලාගෙන් ලැබෙන සහායෝගය නිසා අපි ඒවාට නොබියව නොසැළී සිටිනවා...


ඉතිං මිතුරණි ඔයාලට කොහොමද? අපි නම් විවිධ තර්ජන ගර්ජන මැද කාලය ගෙවමින් සිටි.නමුත් ඔබලාගෙන් ලැබෙන සහායෝගය නිසා අපි ඒවාට නොබියව නොසැළී සිටිනවා.ඒ කථා කියන පුද්ගලයා ගැන අපි මීට පෙර ලිපි 3ක් මගින් මුළු ලෝකයාටම හෙළි කරා.එහෙම වෙලත් ලැජ්ජාවක් නැති ඔහු අපගේ අඩවි ජාලය අඩපණ කිරීමට හුගාක් වෙහෙසක් ගන්නවා.ඔහුගේ එක් තර්ජනයක කියවුනේ විදේශිකයෙකුට මුදල් ලබා දී හෝ අපගේ අඩවි ජාලය අඩපණ කරන බවය.එයට අපි නොබියව මුහුණ දීමට දැන් සුදානමින් සිටි.පැය 24 පුරා අපගේ අඩවි ජාලයේ ඇඩ්මින්වරයකු හෝ අවදිව එයට මුහුණ දීමට සුදානම් වී අවසානය.

හරි අපි හැමෝම වගේ දැන් මුහුණු පොතේ හෙවත් ෆේස්බුක් එකේ ගිණුමක් හදාගෙන එහි සාමාජිකයකු වී අවසානය.මම නම් දැන් ෆේස්බුක් ගිණුම සාදාගෙන අවුරුදු 3ක් පසු වී අවසානය.නමුත් දැන් ටික කලකට පෙර හදුනවා දුන් මිතුරන් බ්ලොක් කිරීමේ ක්‍රමය නිසා ෆේස්බුක් එකේ ඔබලාට වද දෙන ඔහු හෝ ඇයව බ්ලොක් කිරීමට මිතුරන් පෙළබි සිටි.කෙල්ලෝ තමා හුගක්ම එහෙම බ්ලොක් කරන්නේ.සමහර කෙල්ලෝ හිතන් ඉන්නේ එයා තරම් ලස්සන කෙල්ලෝ නැහැ කියලා.දැන් කෙල්ලන්ගේ රහස් අවයවය තියෙන්නේ ඔළුව උඩ.ඉතිං දැන් ලංකාවේ ඉන්න කෙල්ලෝ යන්නේ පොළොවට අඩියක් විතර උඩින්.ඉතිං එහෙම බ්ලොක් කරාම එය හෝ ඔහු ඔයාලව බ්ලොක් කරලද කියලා හොයා ගන්න විදියක් නැහැ.නමුත් එහෙම බ්ලොක් උන ඔක්කොම අය හොයාගන්න බැරි උනාට එක විදියක් තියෙනවා.එකෙන් ඔයාලට ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සාදමින් ඔහු හෝ ඇය ඔබව බ්ලොක් කරලද නැද්ද කියලා වෙහෙසෙන්න ඕන නැහැ.එකෙන් ඔයාලට පහසුවෙන් අවශ්‍ය මිතුරා හෝ මිතුරිය ඔයාව බ්ලොක් කරලද නැද්ද කියලා හොයා ගන්න පුළුවන්.මෙච්චරයි කරන්න තියෙන්නේ,
  • පළමුව ඔබගේ ෆේස්බුක් ගිණුම වෙත පිවිසෙන්න[Log In].
  • දැන් ඔබ වෙබ් බ්‍රවුසර් එකේ වෙනමම ටැබ් එකක් විවෘත කර ගූගල් අඩවිය වෙත පිවිසෙන්න.දැන් එහි සෙවුම් තීරුවේ ඔයාට බ්ලොක් කරලද නැද්ද යන්න සොයා ගැනීමට අවශ්‍ය ඔහුගේ හෝ අයගේ ෆේස්බුක් ගිණුමේ ඇති නම ටයිප් කරා සොයාගන්න.

  • දැන් එහි සෙවුම් ප්‍රථිපලවල ඇති ඔහුගේ හෝ අයගේ ෆේස්බුක් ගිණුම පෙන්වයි.[එකම නමින් සිටින සියලු දෙනාම පෙන්වයි]. දැන් ඔබ එම ලින්ක් එක ක්ලික් කරා විට වෙනම වෙබ් පිටුවකට යන අතර එහිදී ඔ‍බට The page you requested was not found යන පණිවිඩය දිස් වූවොතින් ඔහු හෝ ඇය ඔබව බ්ලොක් කර තිබේ.


[ඔබ සොයන කෙනා ෆේස්බුක් ගිණුම තාවකාලිකව වසා දමා තිබේනම් ගූගල් සෙවුමේ නොපෙන්වයි]

1 comment

Anonymous said...

එළ ඇ. නියමෙට වැඩ ස්තුතියි