Breaking News:

latest

ප්‍රොසෙසරය හෙවත් සිපියු (තෙවැනි පරිච්ඡේදය)

පරිගණකයක ඇති ප්‍රධානම උපාංගය වන්නේ ප්‍රොසෙසරයයි.පරිගණකයේ 'මොළය' ලෙසද මෙය ඇතැම් විට හදුන්වයි.බොහෝ විට පරිගණකයක් හදුන්වන්නේ එහි ප්‍ර...

පරිගණකයක ඇති ප්‍රධානම උපාංගය වන්නේ ප්‍රොසෙසරයයි.පරිගණකයේ 'මොළය' ලෙසද මෙය ඇතැම් විට හදුන්වයි.බොහෝ විට පරිගණකයක් හදුන්වන්නේ එහි ප්‍රොසෙසර් වර්ගය හා වේගය කීමෙනි.ප්‍රොසෙසර් වර්ග කිහිපයක් තිබේ.ඉන්ටෙල් (Intel),ඒඑම්ඩි (AMD),මොටෝරෝලා (Motorola),සයිරික්ස් (Cyrix) යනු ඉන කීපයකි.මේවා අතරින් ජනප්‍රියම ප්‍රොසෙසරය ඉන්ටෙල් සමාගමේ ඉන්ටෙල් පෙන්ටියම්ය (Intel Pentium).පරිගණකය ක්‍රියාත්මක වීමට අදාළ ගණනය කිරීම් හා පාලනය කිරීමේ කටයුතුවලින් වැඩි පංගුවක් ඉටු කරන්නේ මධ්‍යම සැකසුම් ඒකකය මගිනි.උපදේශන මෙහෙයවිය හැකි වේගය අනුව සිපියු වර්ග කෙරේ.පරිගණකයේ කාර්යක්‍ෂමතාව කෙරෙහි බලපාන ප්‍රධාන සාධකය වන්නේ ප්‍රොසෙසරය හෙවත් සිපියුහි වේගයයි.සිපියුවල වේගය මෙගාහර්ට්ස් (MHz) වලින් මනිනු ලබන අතර එය ඝටිකා වේගය (clock speed) ලෙසද හදුන්වයි.වේගයේ අගයෙන් කියවෙන්නේ පරිගණකයට වැඩසටහන් ධාවනය (run) කිරීමට හැකි වේගයයි.

සිපියු එකක ධාරිතාවය (capacity) පද විශාලත්වය (word size) යනුවෙන්ද හදුන්වයි.පදයක් යනු එකවරකදී සිපියු එකෙහි ගබඩා කොටගෙන මෙහෙයවිය හැකි උපරිම බිටු (bits) ගණනයි.වේගය හර්ට්ස් එකක් (1 Hz) යැයි කීමෙන් අදහස් වනුයේ එම ප්‍රොසෙසරයට තත්පරයක් තුළදී යාන්ත්‍රික උපදේශන (Machine Instruction) හෙවත් මැෂින් ඉන්ස්ට්‍රක්ෂන්ස් එකක් ක්‍රියාත්මක කළ හැකි බවය හර්ට්ස් දහසක් යනු කිලෝ හර්ට්ස් (KHz) එකකි.මෙගා හර්ට්ස් දහසක් ගිගා හර්ට්ස් (GHz) එකකි.

  • මැෂින් ඉන්ස්ට්‍රක්ෂන්ස්
පරිගණකය  වෙත යම් විධානයක් ලබා දුන් විට පරිගණකය විසින් එය පරිගණකභාෂාවට හරවා ගනී.එසේ පරිවර්තනය කර ගත් උපදෙස් මාලාව ක්‍රියාවට නගන්නේ ප්‍රොසෙසරය මගිනි.ප්‍රොසෙසරය මෙසේ උපදෙස් ක්‍රියාත්මක කරන්නේ අංක ගණිත සහ තාර්කික මෙහෙයුම් (Arithmetic & Logic Operations) භාවිතා කරමිනි.මෙසේ ප්‍රොසෙසරය මගින් ක්‍රියාවට නංවන උපදෙස් මැෂින් ඉන්ස්ට්‍රක්ෂන්ස් ලෙස හදුන්වනු ලැබේ.(යතුරු පුවරුවේ එක් යතුරක් එබීමෙන් පරිගණකය වෙත ලබා දෙන උපදෙස් ඇතැම්විට මැෂින් ඉන්ස්ට්‍රක්ෂන්ස් සිය ගණනක් විය හැකිය.)

ප්‍රොසෙසරය ක්‍රියාත්මක වන විට ඒය සෙල්සියස් අංශක 60කට කිට්ටු උෂ්ණත්වයකට රත්වේ.මේ රත් වීම නිසා ප්‍රොසෙසරයේ කාර්යක්‍ෂමතාවය පහළ බසී.ඒ නිසා ප්‍රොසෙසරයේ උෂ්ණත්වය අඩු කළ යුතුය.ඒ සදහා ප්‍රොසෙසරයට ස්පර්ශ වන ලෙස තාප සන්නායක තහඩු (heat sink) තබා එයට අධිවේගී සිසිලන පංකාවක් සවි කර තිබේ.ප්‍රොසෙසරයේ උපදින තාපය තාප සන්නායක තහඩු දිගේ එළියට කාන්දු වන අතර සිසිලන පංකාවක් ලැබෙන සුළං ධාරාවෙන් එම තාපය ඉවත් කරමින් තහඩු සිසිල කරයි.මේ ක්‍රියාව දිගින් දිගටම සිදුවීමේදී ප්‍රොසෙසරයේ රස්නය අඩු වේ.

ඉන්ටෙල් සමාගම විසින් ඉන්ටෙල් සෙලෙරොන් (Intel Celeron) නමින් මිල අඩු ප්‍රොසෙසර වෙළද පොළට ඉදිරිපත් කර ඇත.සෙලෙරොන් වර්ගයේ ප්‍රොසෙසරයද පෙන්ටියම් IV ප්‍රොසෙසරවල වේගවලින් ම යුත් වුවත් පෙන්ටියම්වලට වඩා මිලෙන් අඩුය.නමුත් පරිගණකය තුළ ක්‍රියාත්මක වීමේදී සෙලෙරොන් ප්‍රොසෙසර ඉන්ටෙල් ප්‍රොසෙසරවලට වඩා අඩු කාර්යක්‍ෂමතාවයක් පෙන්වයි.එයට හේතුව සෙලෙරොන් ප්‍රොසෙසරය සතුව ඇත්තේ 512KB තරම් අඩු වාරක මතක හෙවත් කෑෂ් මෙමරිය (cache memory) ප්‍රමාණයක් වීමයි.එහෙත් පෙන්ටියම් IV ප්‍රොසෙසරයක 1MB හෝ ඊට වඩා කෑෂ් මෙමරියක් තිබේ.

  • කෑෂ් මෙමරිය
 මෙය ප්‍රොසෙසරය තුළ පවතින තාවකාලික මතකයකි.එක විට වැඩිඋපදෙස් ප්‍රමාණයක් ප්‍රොසෙසරය වෙතට ලබා දුන් විට හෙවත් එකවර කාර්යයන් කිහිපයක් කරන සමහර අවස්ථාවලදී ප්‍රොසෙසරයට එය දරා ගත නොහැකිව ක්ෂණිකව ක්‍රියා විරහිත වේ.හෙවත් ස්ටක් (stuck) වේ.වැඩි කෑෂ් මෙමරියක් ප්‍රොසෙසරය සතුව ඇත්නම් මෙය සිදු නොවේ.එවිට එකවිට ලබා දෙන උපදෙස් කෑෂ් මෙමරිය තුළ තබාගෙන (buffer) ඒවා එකින් එක ක්‍රමවත්ම ප්‍රොසෙසරය වෙත ලබා දේ.
එල්ජිඑ (LGA- Land Grid Array) තාක්ෂණය යනු ප්‍රොසෙසරය මත උපදින තාපය පෙරට වඩා කාර්යක්‍ෂම ලෙස ඉවත් කිරීමට හැකිවෙන ක්‍රමයකි.මෙම නව තාක්ෂණය සහිත ප්‍රොසෙසර්වල (දකුණු පස රූපය) පැරණි ඒවායේ (වම් පස රූපය) මෙවන් මවුපුවරුව සමග සම්බන්ධ වීම සදහා තුඩු (pin) නැත.ඒ වෙනුවට පිහිටුවා ඇත්තේ ලෝහ ස්පර්ශක කීපයකි.

2 comments

Anonymous said...

godak wedagath post 1k.....

Tharindu said...

good one dude