Breaking News:

latest

අනවශ්‍ය විද්‍යුත් ලිපින සදහටම වල දැමීම 2

කලින් ලිපියෙන් අනවශ්‍ය ජීමේල් ලිපිනයන් සදහටම ඉවත් කර දමන ආකාරය කියලා දුන්නා.ඒක හුගක් අයට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා හිතනවා.මොකද හුගක් දෙන...

කලින් ලිපියෙන් අනවශ්‍ය ජීමේල් ලිපිනයන් සදහටම ඉවත් කර දමන ආකාරය කියලා දුන්නා.ඒක හුගක් අයට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා හිතනවා.මොකද හුගක් දෙනෙක් ජීමේල් ලිපිනයන් පාවිච්චි කරන නිසා.හරි යාහු ඊමේල් ලිපිනයන් පාවිච්චි කරන අයටත් අනවශ්‍ය ඊමේල් ලිපින කොහොමද ඉවත් කරන්නේ කියලා කල්පනා කර කර ඇත.යාහු ඊමේල් ලිපිනයක් ඉවත් කිරීමට ජීමේල් ලිපිනයක් ඉවත් කිරීමට කටු කැවා වගේ පියවරවල් ගොඩක් නැති නිසා ඒක අතකින් පහසුය.අනිත් අතකින් අමාරුය.අමාරුයි කිව්වේ මෙහි වෙනම ලින්ක් එහෙකට පිවිසිය යුතුය.තමන්ගේ ජංගම දුරකථන අංකයවත් මතක නැති පුද්ගලයින් කොහොමද දිග වෙබ් ලිපිනයක් මතක තියාගන්නේ? එහෙම මතක තියා ගන්න පුළුවන් අයත් නැතිවම නොවේ.හරි සාර්ථක ලෙස යාහු ඊමේල් ලිපිනය සදහටම ඉවත් කර දැමීමට පහත පියවරවල් අනුගමනයෙන් කර ගත හැකිය.
  • මුලින්ම ඔබ ඩිලීට් කිරීමට අවශ්‍ය යාහු ඊමේල් ලිපිනය වෙත පිවිසෙන්න.දැන් ඔබගේ යාහු ඊමේල් ලිපිනය විවෘතව පවතින ටැබ් ඒක වසා දමන්න.
  • දැන් මෙම වෙබ් ලිපිනයට පිවිසීමෙන් පසුව ඔ‍බට පහත ආකාරයේ වෙබ් පිටුවක් ලැබේ.https://edit.yahoo.com/config/delete_user

  • ඒම  පිටුවෙම පල්ලෙහා ඇති please confirm your identity with your password කියන තැනට ඔබ ඩිලීට් කිරීමට තෝරාගෙන තිබෙන විද්‍යුත් ලිපිනය රහස් වචනය ලබා දෙන්න.Type the code shown එකට ඉදරියෙන් ඇති කොටුවට එයට ඉහළින ඇති කොටුවේ පෙන්වන වචන හෝ ඉලක්කම් ඒ ලබා දී ඇති පිළිවෙලටම සදහන් කරන්න.අනතුරුව Terminate this account හෝ YES විධානය ලබා දෙන්න.
  •  දින 90ක කාලයක් තුල ඔබගේ විද්‍යුත් ලිපිනය පද්ධතියෙන් ඉවත් කර දමන බවට සදහන් කරමින් පහත ආකාරයේ පණිවිඩයක් ඔබට දිස්වේ.ඊමේල් ලිපිනය ඩිලීට් කර පසුව එය ඔබට දැන් ගැනීමට අවශ්‍යනම් Click here යන ලෙස සදහන්ව ඇති තැන හරහා ගොස් කරගත හැකිය.


1 comment

Anonymous said...

thanks