Breaking News:

latest

අනවශ්‍ය විද්‍යුත් ලිපින සදහටම වල දැමීම

  කොහොමද  මිතුරනි? හැමෝම යහපත් ජිවිතයක් ගත කරනවා කියලා අපි හිතනවා.එම ජිවිතයේ සතුට තව තවත් වැඩි වී තව චිරාත්කාලයක් එය තිබේවා කියලා සොෆ්ට්ව...

 

කොහොමද  මිතුරනි? හැමෝම යහපත් ජිවිතයක් ගත කරනවා කියලා අපි හිතනවා.එම ජිවිතයේ සතුට තව තවත් වැඩි වී තව චිරාත්කාලයක් එය තිබේවා කියලා සොෆ්ට්වෙයා නොමිලේ පිරිසේ අපි කට්ටියම ඒක සිතින් පාර්ථනා කරනවා! අපි ඉතින් නොයෙකුත් විද්‍යුත් ලිපින නොමිලේ ලබා දෙන සේවාවන් වෙන ගුගල්,හොට්මෙල්,යාහු හා ලයිව් යන ආයතන විසින් මහජනයා වෙත නොමිලේ විද්‍යුත් තැපැල් සේවාවක් හෙවත් ඊමේල් සේවාවන් නොමිලේ සාදා ගැනීමට අවකාශ සලසා දී තිබේ.ඉතින් අපි ඒ ඒක අඩවියෙකින් ඒක බැගින් විද්‍යුත් ලිපින සාදගෙන හෝ එකම අඩවියකින් විද්‍යුත් ලිපින සාදාගෙන තිබේ.නමුත් එයින් ඔබලාගෙන් කියෙන් කි දෙනාද විද්‍යුත් තැපැල් ලිපින භාවිතා කරන්නේ හා භාවිතා නොකරන විද්‍යුත් ලිපින දහස් ගණනකටත් වඩා තිබේ.

නමුත් ඒවගෙන් ප්‍රයෝජනය ලබා ගත් පසු ඒම ලිපිනයන් එලෙසං තබා ඔබ ඒම සේවාවෙන් ඉවත් වේ.නමුත් යම් කිසි පුද්ගලයෙකු ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය හරහා ඔබගේ පුද්ගලික තෝරතුරු හෝ ඔබගේ වෙළද ව්‍යාපාරයේ රහස්ද සෝරා ගැනීමට පුළුවන.ඒම නිසා ඔබලා ඒම විද්‍යුත් ලිපින පාවිච්චිය නවතා දැමීමට ප්‍රථමව ඔබගේ ඊමේල් ලිපිනය ඩිලීට් කිරීම වටියි.ඉතින් එවැනි දෙයක් කිරීම මගින් ඔබගේ හිතටත් නිදහසක් ලැබේ.ඉතින් එවැනි නිදහස් ජිවිතයක් ගත කිරීමට ඔබ පාවිච්චියෙන් ඉවත්කර තිබෙන හෝ ඉවත් කිරීමට බලාපොරොත්තුවෙන ඊමේල් ලිපින පහත ආකාර අනුගමනය කිරීමෙන් සාර්ථකව ක්‍රියා කිරීමට හැකි වේ.

  • පළමුව ඔබඩිලීට් කිරීමට අවශ්‍යජීමේල් ලිපිනය වෙත පිවිසෙන්නේ.එහි දකුණු පස කෙලවරේ ඇති Optionsවල ඇති Mail Settings තෝරා ගන්න.
  • එවිට පහත ආකාරයේ වින්ඩොව් එකක් ලැබෙන අතර එහි ඇති Accounts & Import ටැබ් ඒක තෝරාගන්න.එහි ඇති Other Google Account Settingsකියන ඒක තෝරාගන්න.

  • පහත  ආකාරයේ වෙබ් පියුවක් දැන් ඔබට ලැබේ.එහි ඇති My Products කියන එකට ඉදිරියෙන් ඇති Edit කියන ඒක තෝරාගන්න.

  • නැවතත්  වෙනම වෙබ්පිටුවක් විවෘත වන අතර එහි ඇති Remove Gmail permanently ඒක තෝරාගන්න.

  • ඊළගට  පහත ආකාරයේ වෙබ් පිටුවක් ඔබට ලැබේ.එහි ඇති Yes, I want to delete permanently  එකට ඉදිරියෙන් ඇති කොටුවට හරිය දමාගන්න.පසුව New email Address කියන තැනට ජීමේල් නොවන විද්‍යුත් ලිපිනයක් ලබා දෙන්න.එකට් ඔබ ඩිලීට් කිරීමට‍ තෝරාගෙන ඇති විද්‍යුත් ලිපිනයේ රහස් වචනය ලබා දෙන්න.Remove Gmail විධානය ලබා දෙන්න.

  • දැන්  ඔබට ඉහත ලබාදුන් ජීමේල් නොවන විද්‍යුත් තැපැල් ලිපිනයට ජීමේල් ලිපිනය ඩිලීට් කිරීම සහතික කරගැනීමට මේල් එකක් යැවූ බව පහත පරිදි පණිවිඩයකින් ලැබේ.දැන් ඔබ ඒම ජීමේල් නොවන විද්‍යුත් තැපැල් ලිපිනයට පිවිස (ඉහත ලබා දුන් ලිපිනයට) ඔබට ගුගල් ආයතනයෙන් ලැබී තිබෙන මේල් එකේ ඇති ලින්ක් ඒක තෝරාගන්න.

  • මේල්  එකේ තිබු ලින්ක් ඒක ක්ලික් කිරීමෙන් ඔබට නැවත ජීමේල් ලොගින් පිටුවට පිවිසේ.ඔබ ඩිලීට් කිරීම කරමින් තිබු විද්‍යුත් තැපැල් ලිපිනය හා රහස් වචනය ලබා දී ලොගින් වූ පසු පහත පරිදි පණිවිඩයක් ලැබෙන අතර එහි ඇති Click here to continue විධානය ලබා දෙන්න.

  • සාර්ථක  ලෙස විද්‍යුත් තැපැල් ලිපිනය ඩිලීට් කර දැමු බව සදහන් කරන පණිවිඩය ඔබට පහත පරිදි දැකගත හැකි වේ.
 



1 comment

Nadun Ranaweera said...

ස්තුතිය මමත් කරලා බලන්න ඕනේ. මම බාවිතා කරේ www.Google.com/a Google App සේවාව. එක මීට වඩා පහසු කම් ගොඩක් වැඩි අනවශ App ඉවත් කරන්න අලුත් App දාගන්න එහෙමත් පුලුවන්. තව ඔයාටම වෙනම Login Page එකක් හා ඔයාගේ ගිනුමෙන් තව එකවුන් ගොඩක් සැදිය හැකි. ර්‍රට අමතරව Google එකේ හැම සේවාවක්ම ඔයා හදන එකවුන්ට් බාවිතා කල හැක. try කරලා බලන්න.